රැජින දරා සිටි දියමන්තිය යළිත් ඉල්ලයි

United Kingdom Queen Elizabeth II King Charles III
By Sewvandhi Sep 20, 2022 02:04 PM GMT
Report

බ්‍රිතාන්‍යයට බලකරමින් දකුණු අප්‍රිකාව තුළ ප්‍රබල ජනමතයක් ගොඩනැගී තිබේ. ඒ, එළිසබෙත් රැජින රාජ්‍යත්වය සංකේතවත් කිරීම සඳහා සිය අතදරා සිටි රාජකීය යෂ්ටිය මත ඇති කැරට් 500ක දියමන්තියක් නැවතත් තම රටට ලබාදෙන ලෙසය.

එරට ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ එය යටත්විජිත සමයේදී තම රටින් කොල්ලකෑ වස්තුවක් බවය. එහෙත් එය 1907 වසරේදී එවක බ්‍රිතාන්‍ය පාලනය කළ හත්වැනි එඩ්වර්ඩ් රජු වෙත දකුණු අප්‍රිකාවෙන් ත්‍යාග ලෙස ලැබී ඇති බව බ්‍රිතාන්‍යය පවසයි.

"ද ග්‍රේට් ස්ටාර් ඔෆ් ඇෆ්‍රිකා" එනම් 'Cullinan' ලෙස නම් වන අදාළ දියමන්තිය, ලොව එතෙක් මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම පැහැදිලි දියමන්තිය ලෙසද සැලකෙයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now