QR ක්‍රමය ඉවතට..? ඇමති කාංචනගෙන් දැනුම්දීමක්..!

Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sewvandhi Nov 21, 2022 01:01 PM GMT
Report

එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය.

ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන තාක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery