QR ක්‍රමයට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් යළි තීරණයක් ගනී..

Sri Lanka National Fuel Pass
By Aruna Jan 17, 2023 06:05 AM GMT
Report

QR කෝටා ක්‍රමය නොසලකා හරිමින් ඉන්ධන සැපයූ ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර වහාම අවලංගු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඉන්ධන බෙදා හැරීමේදී ඉන්ධන පිරවුම්හල් කිහිපයක් ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය අනුගමනය නොකරන බවට වාර්තා වී තිබෙන බව එම අමාත්‍යංශය පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් (CPSTL) නිලධාරීන් සමඟ ඊයේ(16) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

QR බෙදා හැරීමේ යාන්ත්‍රණය සමාලෝචනය කිරීම සඳහා රැස්වීමක් පවත්වා ඇති අතර, පසුව කෝටා ක්‍රමය අනුගමනය නොකළ ඉන්ධන පිරවුම්හල් කිහිපයක් අත්හිටුවීමට තීරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now