මත්පැන් බෝතල්වලටත් QR - අද සිට ක්‍රියාත්මක නවතම ඇප් එක, ඔබත් දැන්ම ඇතුලත් කර ගන්න..
Sri Lanka
Excise Department of Sri Lanka
By Sewvandhi
වෙළෙඳපොළ තුළ ඇති නීතිවිරෝධි මත්පැන් බෝතල් ක්ෂණිකව හඳුනාගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් පරිගණක යෙදවුමක් හඳුන්වා දී තිබේ.
අදාළ පරිගණක යෙදවුම හරහා ස්මාර්ට් ජංගම දුරකථනයකින් මත්පැන් බෝතලයේ ඇති ආරක්ෂක ස්ටිකරයේ QR කේතය ස්කෑන් කළ හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
එම ක්‍රියාවලිය හරහා අවශ්‍ය තොරතුරු ලබාගත නොහැකිව එය ප්‍රතික්ෂේප වුවහොත් ඒ මෙහොතෙම යෙදවුමක් මගින් පැමිණිලි කළහැකි අතර ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
"EXCISE TAX STAMP VALIDATOR" යන නමින් මෙම යෙදවුම සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන හා ඇපල් දුරකථන හරහා භාගත කරගත හැකිය.
අදාළ යෙදවුම අද (01) සිට පාරිභෝගිකයන්ට සිය දුරකථනයට භාගත කරගත හැකි බවත් ඒ හරහා අවශ්‍ය සේවාවන් ලබාගත හැකි බවත් සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |