අන නොතකා ධාවනය වූ කැබ් රථයක් සොයයි..
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේ මාර්ග බාධකයකදී නොනවත්වා ධාවනය කළ කැබ් රථයක් නවතාගැනීම සඳහා අහසට වෙඩිතබා තිබේ.
ඊයේ (26) රාත්‍රියේ වැලිගම පොලිස් වසමේ දෙණිපිටිය - මෝදර මාර්ගයේ දෙනිපිටිය මහා විද්‍යාලය අසල පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විසින් ක්ෂණික මාර්ග බාධකයක් යොදා ඇත.
දෙණිපිටිය ප්‍රදේශයේ සිට මෝදර ප්‍රදේශය වෙත රාත්‍රි 10:05 ට පමණ ධාවනය වෙමින් තිබූ කළු පැහැති ටාටා වර්ගයේ කැබ් රථය පරීක්ෂා කිරීම සඳහා නවතන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අණ කොට තිබූ බව පොලීසිය කියයි.
පොලීසිය සඳහන් කරන්නේ,එහිදී එම කැබ්රථය අධික වේගයෙන් ඉදිරියට නොනවත්වා ධාවනය කොට තිබූ බවත් එය නවතා ගැනීම සඳහා රාජකාරියේ නිරත නිලධාරින් විසින් අහසට වෙඩිප්‍රහාර දෙකක් එල්ල කොට තිබුණු බවයි.
මෙම වෙඩිතැබීමෙන් කිසිදු දේපළකට හෝ පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැත.
පළාගිය කැබ්රථය සොයා ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කොට තිබේ.