ගුරුවරයාට පහර දුන් සිසුන් මුදාහැරේ
පුත්තලම පාසලක විනය භාර ගුරුවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සිසුන් සහ අත්අඩංගුවේ සිටි සැකකාර සිසුන් ඇප මත මුදාහැර තිබේ.
පසුගිය 23 වනදා පුත්තලම මුස්ලිම් පාසලක මෙම පහරදීම සිදුවී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 4ක් රිමාන්ඩ් භාරයේ පසුවූ අතර 25 වනදා සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අද (26) පුත්තලම සැකකාර සිසුන් සියලුදෙනාම මහෙස්ත්‍රාත් අධිකරණයට පදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි මත මුදාහැර තිබුණි.
එහිදී එක් අයෙකුට ලක්ෂ 5 බැගිනි වූ ශරීර ඇපයක් සහ සාමාන්‍ය පෙළ විභාගය අවසන්වී එළඹෙන ඉරුදින සිට සෑම ඉරුදිනකම පුත්තලම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත් නියෝග කෙරුණි.
කුමණ හේතුවක් මත හෝ පැමිණිලි පාර්ශ්වයට බලපෑම් කිරීම සම්බන්ධව වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ද එහිදී නියෝග කර ඇත.
ජුනි 22 වනදා යළි නඩුව කැඳවීමට නියමිතය.