මන්ත්‍රි අලි සබ්‍රි රහිම්ට තහඩු වැටෙන් පැන යාමට සිදුවු විරෝධය...(PHOTOS)

Police Puttalam Sri lankan sinhala news Ali Sabri Rahim Member of Parliament Ramasan fasting festival Wanathawilluwa Karativu Primary School
By Subodha Apr 18, 2022 11:40 AM GMT
Report

වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම්ට එල්ල වු ජනතා විරෝධය හමුවේ පාසලේ පිටුපස ආරක්ෂිත තහඩු වැටෙන් පැන යාමට සිදුව බව වාර්තා වේ.

කරතිව් මුස්ලිම් ප්‍රාථමික පාසලේ 17 දින සවස අලි සබ්රිගෙ ආධාරකරුවන් විසින් කුඩා රැස්විමක් සමග රාමසාන් උපවාස උත්සවයක් සංවිධානය කර තිබි ඇති අතර එයට සහභාගි වී සිටියදි කඩා වැදුන ගම්වාසින් විසින් මෙසේ මන්ත්‍රිවරයාට විරෝධය මතු කර ඇත.

ජනතාව මෙසේ විරෝධය මතුකර ඇත්තේ 18 දින රජයේ නියෝජ ඇමති ධුරයක් මන්ත්‍රි අලි සබ්රි මහතා ලබා ගැනිමට සුදානමක් පවතින බවට ලැබුන තොරතුරකට බව කියයි.

ඒ සමගම මන්ත්‍රිවරයා රජයෙන් ඉවත් වන ලෙසට සඳහන් කරමින්ද ජනතාව විරෝධය දක්වා ඇත.

සවස කරතිව් ප්‍රාථමික පාසලට පැමිනි මන්ත්‍රිවරයාට ජනතාව පාසල ඉදිරිපිට සිට මතු කළ විරෝධතාවය හේතුවෙන් රාත්‍රි 07 වන විටත් පිටව යාමට නොහැකි වි තිබු බව පොලිසිය පවසයි.

පාලසේ ආරක්ෂක තහඩු වැටෙන් පැන ගොස් ඇත්තේද රාත්‍රීය එළඹීමෙන් පසුවය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery