කිරුළ ගැලවූ පුෂ්පිකා යෝධ පිම්මකින් ජනතාව අතරට එයි!!..අලුත් ගමනක් ගැන පළමු වරට හෙළිකරයි(PHOTOS).

Sri Lanka Political Polonnaruwa Chandimal jayasinghe Pushpika de Silva
By Aruna Feb 13, 2022 02:34 AM GMT
Report

අනාගත දේශපාලන ගමනක් පිළිබඳ මේ වන විට කතිකාවක් මතු වෙමින් පවතින බව ශ්‍රී ලංකා හිටපු විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසනවා.

ලෝක විවාහක රූ රැජින තරගය නියෝජයන කිරීම සඳහා සුදුසුකම් ලැබූ එහි හයවැනි ස්ථානයට පත් වූ ඇය මේ බව කියා සිටියේ ඇයගේ මුහුණුපොතට සටහනක් එක් කරමින්.

“ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වීමේදී සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට විනිශ්චය මණ්ඩලය, ජාතික අධීක්ෂකවරයා ඇතුළු දෙස් විදෙස් සැමට තම ස්තූතිය පුද කරන බව ද ඇය එහි සටහන් කර තිබේ.

ඇය කිසිවෙකුට වෛර නොකරන බව ද එහි සඳහන් කර ඇති අතර, වෛර කළ අයටත් ඒ මොහොතේම සමාව දී ඇති බවත් වෛරයෙන් කිසිවක් දිනන්නට බැරි බවත් එහි වැඩි දුරටත් සඳහන් කර ඇත.

පසුගිය 8 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විවාහක රූ රැජින නාමය ඉවත් කිරීමට විවාහක රූ රැජින සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පියවර ගෙන තිබුණා.

තම සංවිධානයට පැවරී ඇති නීත්‍යනුකූල බලතල අනුව මේ පියවර ගත් බවත්, ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට “ශ්‍රී ලංකා විවාහක රූ රැජින” යන නාමය දේශීය වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ භාවිත කිරීමට නොහැකි බව එම කමිටුවේ අධ්‍යක්ෂවරයා මෙන්ම ලෝක විවාහක රූ රැජින තරගාවලිය වෙනුවෙන් දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery