පොලීසියෙන් කට්ටි පැන්න කිරුළ අහිමි පුෂ්පිකා ද සිල්වා..අද පොලීසියේ පෙනී නොසිටීමට හේතුව..?

Piliyandala Chamuditha Pushpika de silva wawala
By Sewvandhi Feb 23, 2022 07:57 AM GMT
Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල - වෑවල නිවසට පසුගිය 14 වන දා ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කිරුළ අහිමි කළ ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාට අද පිළියන්දල පොලිසිය හමුවේ පෙනී සිටීමට දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් පිළියන්දල පොලිසියේ දැනුම්දීම අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අද (23) දින පොලිසිය වෙත පැමිණි නැති බවයි පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියේ.

පුෂ්පිකා ද සිල්වා නියෝජනය කරමින් පිළියන්දල පොලිසිය වෙත පැමිණ නීතිඥ සරිත් පතිරත්න පොලිස් ස්ථානාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ චන්දිමාල් ජයසිංහට විරුද්ධව අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ වරයෙකු සමග නීතිඥ හමුවක් අද දිනයේ පැවැත්වෙන බැවින් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දින පොලිසියට පැමිණීමට නොහැකි බව ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බවයි.

ඒ අනුව මෙම ප්‍රකාශය ලබා දීම සඳහා මෙම මස 28 වෙනි දින පෙරවරු 10ට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස පුෂ්පිකා ද සිල්වාට දැනුම් දුන් බවත් නීතිඥ සරිත් පතිරත්න පවසා සිටියා. මේ වන විට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂය පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 32 කින් පමණ මේ වන විට ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඊට අමතරව ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් ගමන් කළ බවට සැකකෙරෙන වාහනයේ යැයි සැක කළ හැකි සී.සී.ටී.වී දර්ශන 26කට ආසන්න ප්‍රමාණයක් ද මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක තාක්ෂණ අංශය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now