මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන්න යෝජනාවක්..ඇමති කාංචන කියයි..

Sri Lanka Public Utilities Commission of Sri Lanka Kanchana Wijesekera
By Aruna Dec 09, 2022 06:44 AM GMT
Report

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා වල මෙම යෝජනාව ඇතුළත් වන බව ද හෙතෙම පැවසීය.

මහජන උපයෝගීතා කොමිසම වෙනුවට පුනර්ජනිය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවද පැවසූ අමාත්‍යවරයා දියුණු රටවල ඇත්තේ එවන් ක්‍රමවේදයන් යයිද කියා සිටියේය.

2020 වසරේ දී හිටපු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ද මහජන උපයෝගීතා කොමිසම අහෝසි කළ යුතු යැයි මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපි ලිඛිතව දැනුම් දී තිබූ අතර ඊට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ මන්ත‍්‍රීවරු දැඩි විරෝධය එල්ල කලේය.

කොමිසමක් ලිපියක් මගින් එසේ කොමිසමක් අවලංගු කරන්නැයි දැනුම් දෙන්නේ කෙසේදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩිව විරෝධය පළ කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now