මහජන ආරක්ෂක ඇමතිගෙන් පිටුවහල් කිරීමේ විශේෂ නියෝගයක්..!
Tiran Alles
Sri Lanka
China
Department of Immigration & Emigration
By Sewvandhi
විදේශ ගමන් බලපත්‍ර දෙකක් සමඟ පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
එම චීන ජාතිකයා පසුගිය 18 වන දින රාත්‍රී ඩුබායි හි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී අදාළ චීන ජාතිකයා සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්‍රයක් ද තිබි ඇති බව අනාවරණය වීමත් සමඟ ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබීය.
මේ අතර ආරක්ෂක අංශ භාරයේ රඳවා තබාගැනීමට පියවර ගැනීමත් සමඟ ඔහු ගුවන් තොටුපොළ තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව වාර්තා විය.
කෙසේ වෙතත් ඔහුව මුදාහැරීමට පියවර ගෙන තිබුණු අතර නැවත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝගයකට අනුව ඔහුව නැවත ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශයක්ද සටහන් කරගනු ලැබීය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |