දිස්ත්‍රික්කයක මහජන එක්රැස්වීම් වහාම තහනම් කරයි - දින 07කට එය බලපැවැත් වෙයි..
Pakistan
By krishani
පාකිස්ථානයේ - පන්ජාබ් ප්‍රාන්තයේ ෆයිසලාභාද් දිස්ත්‍රික්කයේ මහජන එක්රැස්වීම් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව එය දින 7 ක කාලයක් සඳහා බල පැවැත්වෙන අතර දැනට උද්ගතව ඇති ප්‍රචන්ඩකාරී විරෝධතා පාලනය කිරීම සඳහා එම තහනම පනවා ඇති බව වාර්තා වේ.
මේ අතර කුරාණයට අපහස කර ඊට හානි කිරීම සම්බන්ධයෙන් වන සිද්ධියක් මුල්කර ගනිමින් නැගෙනහිර පාකිස්ථානයේ ප්‍රචන්ඩකාරී විරෝධතා හට ගනු ලැබීය.
එමෙන්ම ක්‍රිස්තියානි දේවස්ථාන වලට සහ නිවාස වලට හානි සිදු කිරීමේ සිද්ධීන් ද වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.