මැතිවරණය පැවැත්වෙන දිනය ගැන ඉඟියක් - දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසමට..

Election Commission of Sri Lanka Sajith Premadasa Sri Lanka Sri Lankan political crisis
By Sithumi Nov 15, 2022 05:13 PM GMT
Report

මැතිවරණයක් පැවැත්වීමේ කාලවකවාණුව ගැන අද (15) දිනයේ දී පැහැදිලි පිළිතුරක් ලැබුණු බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව, ඉලංගෙයි තමිල් අරසු කච්චි ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වී තිබුණි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

"මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ප්‍රකාශ කර සිටියා 2023 මාර්තු 20 වගේ වනවිට පළාත් පාලන ආයතන අලුතෙන් ස්ථාපනය වන ආකාරයට මැතිවරණය පවත්වන්නට ඔවුන් කටයුතු කරනවා කියලා. මේක රටට සුබ පණිවුඩයක්." 

 මේ අතර අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසූවේ,

"ඡන්ද දායකයින්ගේ නාමලේඛනය අද අනුමත කරලා තියෙනවා මැතිවරණ කොමිසමේ රැස්වීමේදී. එය මැතිවරණ කොට්ඨාසවලට කඩාගැනීම සඳහා තව සති තුනක් යයි කිව්වා. ඒ කියන්නේ දෙසැම්බර් 9 වනදාට පස්සේ තමයි මැතිවරණය ප්‍රකාශයට පත්කරන්න පුළුවන්. අනික් පැත්තට පාළත් පාලන ඡන්දය පවත්වලා සති තුනක් අවශ්‍යයි පළාත් පාලන ආයතන පිහිටුවීමට.

මැතිරවණය පවත්වන්න සති 5ක් අවශ්‍යයි. ඒ වගේම මැතිවරණය ප්‍රකාශයට පත්තකරන දිනයේ සිට සති දෙකක කාලයක් අවශ්‍යයි නාමයෝජනා සඳහා. ඒ කියන්නේ සති 10ක්. මාර්තු 20ට පෙර සති 10ක් කියන්නේ ජනවාරි මාසයේ 09 වනදා. ඒ නිසා දෙසැම්බර් 06 සහ ජනවාරි 09 අතර අනිවාර්යෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කෙරෙයි."

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලා විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 16ක් අද මැතිවරණ කොමිසමට ඒකාබද්ධ ලිපියක් ද භාරදී තිබුණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now