පළාත් පාලන මැතිවරණය ගැන විශේෂ යෝජනාවක්..!

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Dr Wijeyadasa Rajapakshe Mahinda Yapa Abeywardena Sri Lanka
By Sewvandhi Oct 27, 2022 04:47 AM GMT
Report

පවතින මැතිවරණ ක්‍රමයන් අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැයවන හෙයින් පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට සුදුසු මැතිවරණ ක්‍රමයක් සොයා බලා වාර්තා කිරීම සහ නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලීම් කෙරෙන යෝජනාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයේ (26) බාරදෙනු ලැබීය.

කතානායකවරයා විසින් මෙම කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජික මන්ත්‍රීවරුන් නම් කරනු ලැබිය යුතු බවත් එහි සාමාජික මන්ත්‍රීවරුන් විසි එක් දෙනෙකුට නොවැඩි විය යුතු බවත් අධිකරණ අමාත්‍යවරයා බාරදුන් එම යෝජනාවේ සඳහන් වේ.

කාරක සභාවේ සහාය පිණිස විශේෂ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමටද කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීම් දිනයේ සිට මාස හයක කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාලපරිච්ඡේදයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටද ඔහු යෝජනා කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now