පුංචි ඡන්දය සහ නාමයෝජනා සියල්ල අහෝසි වෙයි?..
දැනට කැඳවා ඇති නාම යෝජනා අවලංගු කර පළාත් පාලන ඡන්ද විමසීම ම අවලංගු කරන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සංවාදයට බදුන් වී ඇත.
උපදේශක කාරක සභාවට සහභාගි වූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ, නාමයෝජනා අවලංගු කර ඡන්ද විමසීම යලි කැදවූ පසු නැවත නාමයෝජනා කැඳවීම වඩාත් සුදුසු බවයි.
ඒ අනුව, පළාත් පාලන ඡන්ද විමසීම අවලංගු කරන්නේ නම්, ඒ සදහා පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු වේ.
පළාත් පාලන ආයතන 340ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේ දී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්වී සිටියා.