වහාම ක්‍රියාත්මක වන පරිදි පලාත් දෙකක ආරක්ෂාව ගැන හදිසි තීරණයක් ගනී..

Sri Lanka Police Tiran Alles Ministry of Defense Sri Lanka Western Province Southern Province
By Aruna Jun 22, 2023 06:25 AM GMT
Report

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවන ප්‍රචණ්ඩකාරී අපරාධ සම්බන්ධයෙන් වහා සහ දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අනුව, අනවසර හෝ බලපත්‍ර නොමැති ගිනි අවි භාරදීමට ජූලි 31 දක්වා සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇත.

මේ අතර, මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේදී සහ යුධ හමුදා කඳවුරුවලින් අපරාධකරුවන් අතට පත්වන ගිනිඅවිවලින් දැනට වෙඩි තැබීම් සිදුවන බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

ගෙවුණු මාස 6ක තුළ සිදුකළ වැටලීම්වලින් නීති විරෝධී ලෙස සමාජයේ සැරිසැරූ පිස්තෝල 05ක් සොයාගෙන ඇති අතර ඒවා ඝාතන සඳහා භාවිත කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඉන් 04ක්ම ‘’හීනටියන මහේෂ්” නැමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් බවට ද කරුණු අනාවරණ වී ඇති බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළා.

වසරේ මේ දක්වා වෙඩි තැබීම් 43ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් තවත් 17දෙනෙකු තුවාල ලබා තිබෙනවා.