මෙරට සියලු පාසල් දරුවන්ට මෙම වසරේ දි ලැබෙන විශේෂ දීමනාව මෙන්න..

Sajith Premadasa Sri Lanka Politician Sri Lankan Schools Latest Headlines Decision Making
By Gagana Apr 28, 2024 11:44 PM GMT
Report

මෙම වසර අවසානය වන විට සියලු පාසල් දරුවන් සදහා දිවා ආහාරය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙරට සියලු පාසල් දරුවන්ට මෙම වසරේ දි ලැබෙන විශේෂ දීමනාව මෙන්න.. | Providing Lunch To School Children

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 167 වැනි අදියර යටතේ හම්බන්තොට බෙලිඅත්ත ඕකෙවෙළ උතුරු කණුමුල්දෙණිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

එක වරක් බොරුවකට රැවටි රටම බංකොලොත් වී ඇති මේ වන විට ඇ. ඩොලර් බිලියන 100කට වඩා අපි දේශීය හා විදේශීයව ණය වී ඇති බවත් මින් ගොඩ ඒමට නම් තොරතුරු තාක්ෂණ අධ්‍යානය, දැනුම පදනම් කර ගත් අධ්‍යාපනයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.

දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල නොගැන්වීම, අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීම දරුවන්ගේ සහ දෙමාපියන්ගේ වරද නොව පාලකයන් සහ පාලකයන් පත් කරන දෙමාපියන්ගේ බවත් සිංහල පමණයි දමිළ පමණයි කියන විට කතිරය ගහන්නේ 41 ලක්ෂයක් දූදරුවන්ගේ අනාගතය ගැන සිතා ද කියා ප්‍රශ්න කරන බවත් ඡන්ද මල්ල වෙනුවෙන් මෙසේ කිව්වත් ඇත්ත කතාව වන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව අඩු වීම බවත් එය ඉහළ ගෙන යාමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.