ජනාධීපති කාර්යාලය ඉදිරියේ විරෝධතා ජනපදයක්.. රෝහල්, නිිදන කාමර, වැසිකිලි, කෑම කාමර ඉදිකර සිදු කළ.දේ..

president Protest gohomegota
By Sithumi Apr 10, 2022 06:18 PM GMT
Report

ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන්නට බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහි මේ වන විට විරෝධතා කරුවන් සඳහා තාවකාලික කූඩාරම් ඉදි කර ඇත. තාවකාලික වැසිකිළි පහසුකම් ද විවේක ලබා ගැනීමේ පහසුකම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ද තාවකාලිකව ඉදිකර තිබේ.

විරෝධතාකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා තාවකාලික කූඩාරම් ද ඉදිකර ඇත. මෙම විිරෝධතාවට ආරම්භ කරන ලද්දේ ඊයේ දිනයේය.