ආණ්ඩුවෙන් යන්නැයි ඇමැති නිවෙසක් ඉදිරිපිට සත්‍යග්‍රාහයක්..!

By Sewvandhi Apr 26, 2022 12:27 PM GMT
Report

ගොවි හඩට සවන් නොදෙන ආණ්ඩුවට සහය නොදී වහා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වන්නැයි බලකරමින් 26 වන දින ගොවීහු පිරිසක් සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ ගිරිතලේ නිවස ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.

ගොවීන් මුහුණපා ඇති ගැටළුවලට තමන් ඉදිරියට පැමිණ විසදුම් ලබා දෙන තුරු අඛන්ඩ සත්‍යග්‍රහයක නිරතවන බවද විරෝධතාවයේ නිරතවූවෝ කීහ.

මින්නේරිය ගිරිතලේ කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයන්ට අයත් ගොවීන් ඇතුළු ප්‍රදේශවාසීහු රැසක මෙම සත්‍යග්‍රාහය එක්ව සිටිති. හිගුරක්ගොඩ කොතගාවල මංසන්ධියෙන් විරෝධතා පාගමන ආරම්භ කර පසුව හබරණ මඩකළපුව ප්‍රධාන මාර්ගයට පිවිස රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරියට පැමිණ සිය විරෝධය පලකර සිටියහ.

මහජන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය. ඒහිදී විරෝධතාකරුවන් වැඩිදුරටත් කියා සිටියේ පසුගිය මාස් කන්නයේ කාබනික පොහොර වගාවෙන් සිය අස්වනු අඩු වූ බවත් මෙවර යල කන්නයේදී හෝ වගාවට අවශ්‍ය රසායනික පොහොර වෙළදපොලෙන් හෝ මිලට ගැනීමට මුදල් ලබා දෙන ඔවුහු ඉල්ලා සිටිති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now