ලොව ප්‍රබල රටක් යුද පිටියක් බවට පත්වෙයි...
සංක්‍රමණික ජන කොටස් වලට එරෙහිව මේ වන විට එංගලන්තයේ දැඩි කෝලහාල පැතිර යමින් පවතිනවා.
ඒ එක්සත් රාජධානිය පුරා පැතිර ගිය පිහි ඇනුමකින් තරුණියන් තිදෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ වැරදි තොරතුරු සම්බන්ධ නොසන්සුන්තාවක් හේතුවෙන්.
සවුත්පෝර්ට් හි ළමුන් සඳහා වූ නැටුම් පන්තියකදී පසුගිය්දා පිහි ප්‍රහාරයක් එල්ල කළ සැකකරු මුස්ලිම් සංක්‍රමණිකයෙකු බවට සමාජ මාධ්‍යවල ව්‍යාජ තොරතුරු වේගයෙන් පැතිර යාමෙන් පසුව සිය ගණනක් අන්ත දක්ෂිණාංශික සංක්‍රමණ විරෝධී විරෝධතා ඇතිවුණා.
විරෝදතා සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා අද (05) බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා ඇති බව සදහන්. පැවති විරෝධතා හේතුවෙන් පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් 150 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබුණා.
මීට දින කිහිපයකට ඉහතදී 17 හැවිරිදි තරුණයෙක් විසින් පිහියකින් ඇන කුඩා ගැහැණු දරුවන් තිදෙනෙක් ඝාතනය කර තිබූ අතර එම සිද්ධියෙන් අනතුරුව එරට තුළ දැඩි මුස්ලිම් විරෝධයක් මතුවෙමින් පවතිනවා.
එම තත්වය මෙම විරෝධතා තවත් තීව්‍ර කිරීමට හේතු වූ බවද වාර්තා වනවා.
රොතර්හැම් හි හෝටලයකටද විරෝධතාකරුවන් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.