හෙට කොළඹ සිදුවන විශේෂ පාගමන. පක්ශ හා සංවිධාන රැසක්

By Sithumi Nov 01, 2022 04:31 PM GMT
Report

වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව හෙට (02) කොළඹදී විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජාතික සභාව යන දේශපාලන පක්ෂ මෙයට එක්වීමට නියමිත බව වාර්ථා වී තිබෙනවා 

 එමෙන්ම වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ආණ්ඩුවට එරෙහිව සංවිධාන මෙම පාගමන කොටුව දුම්රිය පොළ දක්වා හෙට මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ

වෘත්තිය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු එයට සහාය දෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. 

 ඉන් පසුව විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ සහාය ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීමට වෘත්තිය සමිති නියෝජිතයන් සහ බහුජන සංවිධාන අද (01) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණි.

වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය ද හෙට පැවැත්වීමට නියමිත විරෝධතායට සිය සහභාගීත්වය අද තහවුරු කළේය. කෙසේවෙතත් අරගලයේ ක්‍රියාකාරීව සිටි 'ජන අරගලයේ පුරවැසියෝ' සංවිධානය සහ 'බ්ලැක් කැප්ස් ව්‍යාපාරය'ද හෙට පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විරෝධතාවයට සිය විරෝධය පළ කර ඇත. ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ජාතික සංවිධායක චානක බණ්ඩාර, "දේශපාලකයෝ සහ වෘත්තීය සමිති එකතු වෙලා ජනතාවගේ ජීවන අරගලය පැත්තක තියලා ඒ අය බල අරගලයක නිරත වෙනවා.

මේක සම්පූර්ණයෙන් වැරදියි. මේ අය ඉල්ලන්නේ බිල්ලක්." මේ අතර මෙරට ආර්ථිකය යළි ස්ථාවර වෙමින් පවතින මොහොතක කඩාකප්පල්කාරී විරෝධතා පැවැත්වීමෙන් වළකින ලෙස ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු ව්‍යාපාරික සම්මේලන 06ක් එකාබද්ධ නිවේදනයකින් ඉල්ලා සිටී. ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව, "මෙවැනි උද්ඝෝෂණ සාමාන්‍ය ජන ජීවිතයටත් කර්මාන්තවලටත් විශාල ලෙස බලපානවා.

ඒ නිසා වාජිණ මණ්ඩල සියල්ලම එකතු වෙලා අපි ඉල්ලීමක් කළා මේ වෙලාවේ අරගලයක් කරන්න එපා කියලා. මේ අවස්ථාවේ අපි ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. තිබ්බ තැනත් එක්ක දැන් ඉන්න නැත කඩාකප්පල් කරගන්න හොඳ නෑ. කඩාකප්පල් වුණොත් ඒක රජයට විතරක් නෙමෙයි බලපාන්නේ. අපි අද යම්කිසි හිස එසවීමක් සිදුකරගෙන තිබෙන්නේ සංචාරක ව්‍යාපාරය නිසා. මෙවැනි දේ ඒකට දැඩි ලෙස බලපානවා. 

 මම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා මේ වගේ වැඩ සංවිධානය කරනකොට මුලින්ම රට ගැන හිතන්න." මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, "හෙට තියෙන්නේ අරගලයක් නෙමෙයි.. පාගමනක් තියෙන්නේ. අපි හොඳ සන්ධානයක් හදනවා." අමාත්‍ය මනූෂ නානායක්කාර, "මේ උද්ඝෝෂණ කරන්නේ රටේ ප්‍රශ්න අඩු වෙච්ච එක ප්‍රශ්නයක් නිසා ද?"