ජනපති නිවස අසල විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමයි - තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බලකාය කැඳවයි ...! - නවතම දර්ශන..(LIVE VIDEO) (LIVE UPDATE)

By Sewvandhi Mar 31, 2022 03:33 PM GMT
Report

Update 

මීට සුළු මොහොතකට පෙර මිරිහාන ජනාධිපති නිල නිවස අසල විරෝධතාවයේ නිරත වූ ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකාය බැටන් පොලු සමඟ යොදවා තිබේ.

පොලිසිය විසින් පනවා තිබූ බාධකයද විරෝධතාකරුවන් විසින් කඩා බිඳ දමන ලදී.

මීට පෙර වාර්තා කළේ ප්‍රදේශයේ අන්තර්ජාල සබඳතාව බිඳ වැටී ඇති අතර ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල සබඳතාව ද බිඳ වැටී ඇති බවයි.

මෙහිදී විරෝධතා කරුවන් ඉල්ලා සිටින්නේ ජාති ආගම්,පාට පක්ෂ භේදයකින් තොරව එකා වන්ව මෙම අවස්තාවට එක් වන ලෙසයි. 

...........................................

අද (31) පෙරවරුවේ මිරිහාන, පෙන්ගිරිවත්ත පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයක් පැවැත්වීමට ජනතාව රැස්ව සිටිති.

තත්ත්වය මැඩපැවැත්වීමට පොලිසිය පරිශ්‍රවල සිටිනු දක්නට ලැබුණු අතර, විදුලි අර්බුදයට අමතරව ඉහළ යන ජීවන වියදම, ගෑස් හිඟය සහ ඉන්ධන හිඟයට එරෙහිව ජනතාව මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.

බොහෝ පිරිසක් බෝඩ් ලෑලි අතැතිව විරෝධතාවයට සහභාගි වන අයුරු දැකගත හැකි විය. විරෝධතාවය හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, පොලීසිය ඊට බාධා එල්ල කර තිබේ.

එම ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ජනතාව එම ස්ථානයේදී උද්ඝෝෂණය කරමින් සිටිනු දක්නට ලැබිණි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now