හෙයාර් කලර් එක රැක ගන්න, පැය 72 ක් යනකන් මේ දේවල් කරන්න එපා.
හිසකෙස් කලර් කිරීම අද කාන්තා පිරිමි හැමෝගෙම ජනප්‍රිය fashion එකක්නේ. හැබැයි හෙයාර් කලර් එකක් වැඩි කාලයක් තියාගන්න අමාරුයි.ඒත් මෙන්න මේ පිළිවෙත් ටික හරියටම කළොත් නම් හෙයාර් කලර් එක රැක ගන්න එක එතරම් අපහසු නැහැ.
? හෙයාර් කලර් කිරීමෙන් පසුව ෂැම්පු කිරීම සඳහා පැය 72 ක්, එහෙමත් නැත්නම් දින 3 ක් බලා සිටීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.
? මොකද හිසකෙස්වල කියුටිකල් ස්ථරය විවෘත වන අතර හෙයාර් කලර් ගැන්වීමෙන් අනතුරුව හිසකෙස් ෂැම්පු කරන විට හිසකෙස්වල රැඳී පවතින වර්ණ සේදී ඉවත්වීමක් සිදු විය හැකියි.
? සල්ෆේට් රහිත ෂැම්පු හා කන්ඩිෂනර් භාවිත කරන්න. සල්ෆේට් සහිත ෂැම්පු භාවිතයෙන් හිස කෙස්වල ස්වභාවික තෙල් සහ තෙතමනය ඉවත් වී හිසකෙස් ගැලවී යනවා.
? වර්ණ ගැන්වීමෙන් පසු ෂැම්පු කිරීමේදී උණුසුම් ජලය භාවිතා කිරීමෙන් වළකින්න. ෂැම්පු කිරීමේදී මෙන්ම කන්ඩිෂනර් කිරීමේදී සාමාන්‍ය වතුර භාවිත කිරීමට වගබලා ගන්න.
? වර්ණ ආලේපිත හිසකෙස් ඔබට අයන් කිරීමක් කිරීමට අවශ්‍යයි නම් එහිදී ඔබ අනිවාර්යයෙන්ම හෙයාර් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ (Hair Protection Spray) භාවිත කිරීමට අමතක නොකරන්න.
? හෙයාර් කලර් එක රැක ගන්න නම්, ක්ලෝරීන් සහිත ජලයෙන් ස්නානය කිරීම කරන්න එපා. එවිට හිසකෙස් ගැල වී ගෝ හානි වීමට පවතින ඉඩකඩ වැඩියි. එමෙන්ම පිහිනුම් තටාක භාවිතයේදී හිසකෙස් ආවරණය කර ගැනීමක් කළ යුතුමයි.
? ඒ වගේම ඔබ හිසකෙස් වර්ණ ගැන්වූ වෙළෙඳ නාමය යටතේම ඇති වර්ණ ගැන් වූ හිසකෙස් සඳහාම වන ෂැම්පු හා කන්ඩිෂනර්ම භාවිත කිරීමට හුරු වන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |