මාලිමාව ගණිකා වෘත්තිය නීතිගත කරන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි..(VIDEO)
                                    
                    Sri Lanka Politician
                
                                                
                    Janatha Vimukthi Peramuna
                
                                                
                    President of Sri lanka
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එම පක්‍ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය පවසනනේ, වර්තමානයේ පවතින සමාජය තුළ ගණිකාවන් නිර්මාණය කරමින් ඇති බවයි.
කාන්තාවන් සහ දරුවන් මේ වන විට සමාජය තුළ බරපතල අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දී ඇති සමන්මලී ගුණසිංහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ජාතික ජනබලවේගය සතුව ඇති බවද ප්‍රකාශ කර සිටිනවා.
මෙහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ලිංගික ශ්‍රමිකයින් ද බරපතල අනාරක්ෂිත තත්වයකට මුහුණ පා ඇති බැවින් ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ ගණිකා වෘත්තීය නීතිගත කරමින් ඔවුන්ට අවශ්‍ය රැකවරණය සහ ආරක්ෂාව සලසා දීමට පියවර ගන්නා බවයි.
මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න,
                
                