ලාංකික කතුන් 12ක් ප්‍රසිද්ධ ගණිකා වෙන්දේසියක අලෙවි වෙයි..

Parliament of Sri Lanka Sri Lanka
By Aruna Nov 18, 2022 12:34 AM GMT
Report

සංචාරක වීසා මත ඕමානයට ගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් 12 දෙනෙකු ගණිකා වෘත්තිය සඳහා එරට ප්‍රසිද්ධ වෙන්දේසියක වෙන්දේසි කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරනවා.

ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු යයිද හෙතෙම පෙන්වා දුන්නේය.

මන්ත‍්‍රිවරයා මෙම කරුණු හෙලි කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින්.

අදාළ කරුණ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා මෙන්ම කැබිනට් මණ්ඩලයද දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඊට අදාලව ගන්නා පියවරයන් ගැන දැනුවත් කරන බව ද අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now