ජිවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ මහාචාර්යවරයා..

By krishani Apr 22, 2023 03:25 AM GMT
Report

පැරිසියේ සිනගෝගයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් වසර 42 කට පසු එම ප්‍රහාරය එල්ල කළ බවට කැනේඩියානු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු චෝදනාවට ලක් විය.

මේ අතර පැරිසියේ අධිකරණයකින් ඔහු වරදකරු ලෙස නම් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

1980 ඔක්තෝම්බර් මස 03 වනදා එම බෝම්බය ඇට වූ මොහු මේ වන විට 69 හැවිරිදි වියේ පසු වන හසන් ඩයබ් බව විනිසුරුවරයා විවෘත උසාවියේ ප්‍රකාශ කළ අතර බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලැබීය.

චූදිත මහාචාර්යවරයා එම නඩු විභාගයට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබූ අතර විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.

කෙසේවෙතත්, ඝාතන සිදු වී වසර 20කට පමණ පසු 1999 දී නව සාක්ෂි මත ඔහු මුලින්ම සැකකරුවෙකු වූ අතර වසර අටකට පසු ප්‍රංශය ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද නිකුත් කළේ ය.

මොහු පලස්තීන සම්භවයක් ඇති ලෙබනන් ජාතිකයෙක් වන අතර 1993 දී කැනේඩියානු ජාතිකත්වය ලබා ඔටාවා හි සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join