DNA පරීක්ෂණ වලට බාධාවක් - DNA විශ්ලේෂණ අංශ මඟින් දැනුම්දීමක්..!

Sri Lanka dollar DNA chemical court case
By Sewvandhi Feb 17, 2022 04:22 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

අධිකරණ මස්තු විද්‍යා හා DNA විශ්ලේෂණ අංශය විසින් වාර්තා නිකුත් කිරීමේ කටයුතු ප්‍රමාද වන බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.

අදාළ පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හිඟවීම සහ  ආනයනය කිරීමට ඇති බාධා හේතුවෙන් එම ප්‍රමාදයන් සිදුවන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ මස්තු විද්‍යා හා DNA විශ්ලේෂණ අංශ වෙත මසකට නඩු 150ක් පමණ නඩු භාණ්ඩ ලෙස ලැබෙන අතර ඒ අනුව වාර්තා 200ක් පමණ මසකට නිකුත් කරනු ලබයි.

මෙම පරීක්ෂණ සඳහා භාවිතා කරනු ලබන විශේෂිත රසායනික ද්‍රව්‍ය සියල්ලම විදෙස් රටවලින් මෙරටට ආනයනය කරන අතර එම රසායනික ද්‍රව්‍ය නියමිත පරිදි ලබාදීමට නොහැකි බව අදාළ රාසායන ද්‍රව්‍ය සපයන ආයතන විසින් දැනුම්දී ඇති බව වාර්තා වේ.

රසායනික ද්‍රව්‍ය ගෙන්වීම සඳහා විදේශ මුදල් හුවමාරුව අපහසුවීම සහ කොවිඩ් වසංගත තත්වය හමුවේ එම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අඩාල වීම මෙම තත්ත්වයට බලපා ඇති බව සඳහන්ය.

ඒ අනුව අධිකරණ මස්තු විද්‍යා හා DNA විශ්ලේෂණ අංශ මඟින් අදාළ වාර්තා නිකුත් කිරීමේ කාලය ප්‍රමාද වන අතර රසායන ද්‍රව්‍ය සාමාන්‍ය පරිදි ලබාගත් පසුව නැවත නියමිත පරිදි වාර්තා නිකුත් කිරීම සිදුකරන බව රස පරික්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%