පෞද්ගලික අංශයටත් රුපියල් 5000 ලැබෙයි?.ජනපතිටත් ලිපියක්..

Sri Lanka 5000 allowance Gotabaya Rajapakshe Private server
By Aruna Feb 01, 2022 10:58 PM GMT
Report

ජීවන වියදම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමුකර රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට රජය මැදිහත් වියයුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් අන්තර් සමාගම් සේවක සංගමය ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

රටේ ජීවන වියදම ඉහළ යන විට වැඩකරන ජනතාවට ලබාදෙන සහන සියලුම වැඩකරන ජනතාවට ලැබිය යුතු බවත් රාජ්‍ය අංශයේ සේවකයාට ජීවත්වීමට අපහසුව නිසා රුපියල් 5000 ක දීමනාවක් ලබාදුන්නාක් මෙන්ම පෞද්ගලික අංශයේ සේකයාට ද එම රුපියල් 5000 ලබාදීම රජයේ වගකීමක් බවත් අන්තර් සමාගම් සේවක සංගමය කියයි.

රටේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් සියයට 80 කට පමණ සෘජු දායකත්වය සපයන සහ ශ්‍රම බලකායෙන් සියයට 80 ක් නියෝජනය කරන පෞද්ගලික අංශයේ සේකයන්ගෙන් සියයට 60 ක් පමණ රුපියල් 25,000 කට වඩා අඩු වැටුප් ලබන අය යැයි පවසන අන්තර් සමාගම් සේවක සංගමය රුපියල් 5000 දීමනාව ලබාදීමෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නොසන්සුන්කාරී තත්වය සමනය කළ හැකි බව ද සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now