පෞද්ගලික අංශයේ සේවකයින් ගැන විශේෂ තීරණයක්..!

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Budget 2023
By Sewvandhi Nov 14, 2022 10:18 AM GMT
Report

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේය. 2023 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෞද්ගලික අංශයේ රැකියාවන්හි නිරතවී විවිධ හේතූන් මත රැකියා අහිමි වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩිවීමේ නැඹුරුතාවයක් දක්නට ලැබෙන බවය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ මෙය ඉතා සංකීර්ණ සමාජ ගැටලුවකට යොමුවී ඇති බවය.

එහිදී රැකියාව අහිමිව නැවත රැකියාවකට යොමුවන තෙක්වූ කාලය සඳහා උපරිම වශයෙන් මාස තුනකට සීමාවන පරිදි මාසික දීමනාවක් ලබාදීමට හැකිවන ආකාරයට රක්ෂණාවරණයක් ලබාදීමට හා ඒ වෙනුවෙන් රක්ෂණ අරමුදලක් ස්ථාපිත කිරීමට යෝජනා කෙරුණි.

එමෙන්ම රජයේ සේවකයින් සඳහා ලබාදෙන අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය හරහා විශාල පිරිසකට සහනයක් ලැබෙන බවත් පෞද්ගලික අංශයේ සේවකයින් හටද එවැනි සෞඛ්‍ය රක්ෂණයක් ලබාදීමට ද එහිදී යෝජනා කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ සේවක භාරකාර අරමුදලින් යෝජිත සෞඛ්‍ය හා රක්ෂණ ආවරණය සඳහා කිසියම් මුදලක් වෙන්කිරීම යෝග්‍යවනු ඇති බවය.

ඒ අනුව සේවක භාරකාර අරමුදල යටතේ මෙම නව ක්‍රම දෙක ඇතුළත්වන පරිදි සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන කළයුතු බවද ජනාධිපතිවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now