මුදල් ගසාකන පෞද්ගලික පාසල් ගැන රජය ගන්න යන තීරණය.
රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේ දී අසාධාරණ ලෙස විශාල වශයෙන් මුදල් අය කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානය යොමුව තිබෙනවා.
ඒ, අනුව අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස වසන්තා පෙරේරා නව වසරේ දී පත්වීමත් සමඟ මේ පිළිබඳ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර අංක 61 8 දරන උපකෘත පාඨශාලා සහ අභ්‍යාස විද්‍යාල පනත අනුව රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ඇතුළත් කෙරෙන සිසුන්ගෙන් මුදල් අය කිරීමට හැකියාවක් නොමැත.
එම පාසල්වල හයදහසක් පමණ වන ගුරුවරුන් වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් කෝටි දෙසිය පනස් තුනකට අධික මුදලක් වැය කරන අතර ඒවායේ දරුවන්ට පෙළපොත් සහ නිල ඇඳුම් ලබා දෙන්නේ ද නොමිලේය.
එමනේම අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණුව ලබන ගුරුවරුන් සිය පාසල්වලට යොමු කරගැනීමේ වැඩපිළිවෙළක් පෞද්ගලික පාසල් විසින් ආරම්භ කර ඇති අතර විද්‍යාපීඨ පුහුණුවෙන් පසු එම ගුරුවරුන් රජයේ පාසල්වල සේවය කිරීම අනිවාර්ය වන අතර එසේ නොකර ගිවිසුම කඩ කරන්නේ නම් ගෙවිය යුතු වන්නේ රුපියල් තිස් පන් දහසක් පමණි.
මෙම මුදල රුපියල් හත් ලක්ෂය දක්වා වැඩි කිරීමට අමාත්‍යාංශය සාකච්ඡා කර ඇති නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැත.
මේ හේතුවෙන් පුහුණුවෙන් පසු ගිවිසුමෙන් ඉවත් වීමට යම් ගුරුවරයෙක් ඉල්ලා සිටියහොත් අමාත්‍යාංශයට ඒ සඳහා ඉඩ දීමට සිදු වන බවත් ඉහත ආරංචි මාර්ග පවසනවා.