පෞද්ගලික පාසල් සහ ටියුෂන් පංති සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..

Ministry of Education Champika Ranawaka Education
By Aruna Apr 04, 2024 12:34 AM GMT
Report

පෞද්ගලික පාසල් හා සිසුන් සියයට වැඩි මහා පරිමාණ පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබෙනවා.

කාරක සභාව නිර්දේශයේ සඳහන් වන්නේ, මෙම ආයතනවලට අමතරව සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන, පෞද්ගලික රෝහල්, මිනින්දෝරුවන් , ඉංජිනේරුවන්, නීති ආයතන සහ රූපවාහිනී මෙන්ම ගුවන් විදුලි සේවාවන් සඳහා ද මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙසයි.

එම කාරක සභාව විසින් පසුගිය පළමුවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන්ව ඇත්තේ, මෙම ආයතන මගින් උපයන සැබෑ ආදායම පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීම අභියෝගාත්මක විය හැකි නමුත් ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව ප්‍රශ්නාවලියක් මගින් එම තොරතුරු ලබා ගැනීමට හැකි බවයි.

ජංගම යෙදුමක් ඒ සඳහා භාවිත කළ හැකි බවත් එම නිර්දේශයේ සඳහන් කර තිබේ.

මෙම වාර්තාව ඉදිරිපත් කළේ කාරක සභා සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා විසිණි..