බන්ධනාගාරයේ සන්නිවේදන උපකරණ සැඟවූ බිත්තිය සොයාගනී

Sri Lanka Department of Prisons Sri Lanka
By Sithumi May 20, 2023 10:07 AM GMT
Report

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරියක බිත්තියක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ සන්නිවේදන උපකරණ කිහිපයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

පොලිස් විශේෂ කාර්යය බලකායේ බූස්ස කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ සොදිසි කිරීමකදී මෙම සන්නිවේදන උපකරණ සොයාගත් බව සඳහන් වේ.

පොලීසිය පැවසුවේ ජංගම දුරකථනයක්, සිම්පතක්, දුරකථන චාජර් තුනක්, ඩේටා කේබල් තුනක් මෙහි තිබී සොයා ගත් බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now