මේගන් නැතුව හැරී කුමරු රාජාභිෂේකයට..

England
By krishani Apr 14, 2023 01:02 AM GMT
Report

බ්‍රිතාන්‍යයේ III වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට හැරී කුමරු සිය බිරිඳ වන මේගන් කුමරිය නොමැතිව සහභාගී වීමට නියමිත බව බකිංහැම් මාලිගය සඳහන් කළේ ය.

ඒ අනුව මේගන් කුමරිය රාජාභිෂේකයට සහභාගී නොවී සිය දරුවන් දෙදෙනා සමග කැලිෆෝනියාවේ රැඳී සිටිනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත්, වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන III වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට අමුත්තන් 2,000 ක් පමණ එක්වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join