පළාත් පාලන සේවයේ ස්ථීර නොවූවන් ගැන අගමැති ගත් විශේෂ තීරණය.

Dinesh Gunawardena Prime minister Sri Lanka Government Of Sri Lanka
By Wayomi Nov 16, 2023 09:45 AM GMT
Report

පළාත් පාලන ආයතන සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් සම්බන්ධයෙන් තීරණයක් ගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ, අනුව ඔවුන්ව ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනි වර කියවීමේ තුන්වැනි දින විවාදයට එක්වෙමින් කියා සිටියා.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අවශ්‍ය පියවර ගැනීම සඳහා භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටින බවත්, භාණ්ඩාගරයේ දැනුම්දීම මත ඉදිරි පියවර ගන්නා බවත්ය.