සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට අගමැතිනිය භූතානයට
සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් භූතානය බලා පිටත්ව ගියාය.
සැප්තැම්බර් 1 වැනිදා භූතානයේදී පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍යවරිය සහභාගී වීමට නියමිත අතර, එහිදී “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව යටතේ ප්‍රධාන දේශනයක් ද පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර නායකයින් සහ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට ද එක්වීමට නියමිතය.
එහිදී තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රජා සහභාගීත්වය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.