වහාම ක්‍රියාත්මක වන පරිදි, ආහාර මිල ගණන් ඉහළට - සම්පූර්ණ විස්තරය මෙතනින්..

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis Latest Headlines Decision Making
By krishani Mar 02, 2024 11:04 AM GMT
krishani

krishani

in ආහාර
Report

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාරපානවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

වහාම ක්‍රියාත්මක වන පරිදි, ආහාර මිල ගණන් ඉහළට - සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Prices Of Restaurant Food Are High

මේ බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ය.

මෙලෙස සියලුම ආහාරපානවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත්තේ ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා ය.

ඒ අනුව ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින් ආදී වශයෙන් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ යම්කිසි ආකාරයකින් රජය පරිභෝගික භාණ්ඩ මිල පහළ දැමුවහොත් එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි.