මාළුත් ගණන් උස්සයි - නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න.

Sri Lanka Food Crisis Sri Lanka Fisherman Businessman Latest Headlines
By krishani Jan 03, 2024 10:39 AM GMT
krishani

krishani

in ආහාර
Report

මේ වන විට වෙළඳෙපොලෙහි මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

මාළුත් ගණන් උස්සයි - නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න. | Price Of Fish In The Market

ඒ අනුව සාමාන්‍ය වෙළඳපොලොහි කෙළවල්ලා කිලෝවක් රුපියල් 2400ත් 2600 අතර මිලකට අලෙවි වනවා.

එමෙන්ම, තලපත් කිලෝවක් 3200 - 3400 අතර මිලකට ද ඇටවල්ලා කිලෝවක් 1500කටත්, ඉස්සන් කිලෝවක් 1600ක මිලකටත්, සාලයා කිලෝවක් රුපියල් 650කටත්, ලින්නා කිලෝවක් 1000කටත් අලෙවි වන බවට සඳහන් වේ.

තව ද, පසුගිය දිනවලට සාපේක්ෂව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙහි ද මාළු මිල ගණන් වැඩි වී තිබෙනවා.

මහ කන්නයේ ගොවීගේ බලාපොරොත්තු පොහොර නැතිව බොඳවී යයි..ගොවීන් 50%කට සිදුවූ දේ මෙන්න..

මහ කන්නයේ ගොවීගේ බලාපොරොත්තු පොහොර නැතිව බොඳවී යයි..ගොවීන් 50%කට සිදුවූ දේ මෙන්න..


ඒ අනුව කෙළවල්ලා කිලෝව රුපියල් රු 1500ට ද, බලයා කිලෝවක් 900ටත්, තලපත් කිලෝවක් 2000කටත්, සාලයා කිලෝවක් 400කටත්, ලින්නා කිලෝවක් 850කටත් , ගල් මාලු කිලෝවක් රු.900ක මුදලකටත් අලෙවි වේ.

කෙසේ වෙතත්, ධීවර ප්‍රජාව සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සහ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

Sponsored By Sarrita Jewellery