සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්..

Sri Lanka
By krishani Jun 11, 2022 12:44 AM GMT
krishani

krishani

in ඖෂධ
Report

ඉදිරි සති කිහිපයේ දී රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.සෞඛ්‍ය අංශ පවසන්නේ ගෙවුණු දින 8 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2416ක් වාර්තා වී ඇති බවය.

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ අගයක් ගෙන ඇති බව මෙන්ම ඩෙංගු රෝගය පැතිරීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන තිබෙනවා.

මේ දිනවල කිසියම් පුද්ගලයකුට උණ , ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ තිබේනම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විෂශ්ඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

උණ හෝ ඇඟපත වේදනාව ඇත්නම් පැරසිටමෝල් හැර අනෙකුත් වේදනා නාශක නොගන්නා ලෙසත් හැකි ඉක්මනින් පිළිගත් වෛද්‍යවරයකු මුණ ගැසී පුර්ණ රුධිර පරික්ෂාවක් සිදු කරගන්නා ලෙසත් වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join