වත්මන් ආර්තික ගැටලු වලට අගමැති කරන්න යන විශේෂ දේ..
srilanka
gotabhaya rajapaksha
Mahinda rajapaksha
By Sithumi
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති වත්මන් ආර්ථික ගැටලු පිළිබඳ විද්වත් සාකච්ඡාව ඊයේ (30) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා
. සාමාන්‍ය ජන ජීවිතය යථාවත් කරමින් දිගුකාලීන ආර්ථික පුනර්ජීවයක් ඇති කිරීම සඳහා ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් විද්වත් කථිකාවතක් ඇති කිරීම සහ ආර්ථික පුනර්ජීවය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුනා ගැනීම මෙය පැවැත්වීමේ ප්‍රධානතම අරමුණයි
.
මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක 2020 මාර්තුවලින් පසු 2020 සහ 2021 වර්ෂවල පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ සෞඛ්‍ය සේවාව සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවයි අනාවරණය කෙරුණේ.