ජනපති අද හදිසියේම සිදු කළ දේ...
srilanka
Gotabhaya rajapakdha
By Sithumi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, හෝටල් කළමණාකරණ පුහුණු ආයතයන සහ සමුළු කාර්යාංශය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වූ කාර්යමණ්ඩලයේ කැපවීම එහිදී ඇගයීමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මෙම වසර අවසානය වනවිට සංචාරකයින් මිලියන 01යි දශම 03ක් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ ඉලකක්ය සපුරා ගැනීමට සංචාරක ක්ෂේත්‍රයේ සියළු අංශ සූදානම් කළ යුතු බව ද ජනාධිපතිවරයා එහි දී සදහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |