ජනපතිගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක්..
Corona virus
covid 19
Srilnka
By Sithumi
යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර නියමිත කාලයේදී ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ පොහොර කාර්යසාධක බළකාය අද (03) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ,
"ඊළඟ කන්නයට පෙර පසුගිය කාලයේ වෙච්ච වැරදි ටික, අඩුපාඩු ටික හරිගස්ස ගන්න ඕනේ. මුලින්ම දිස්ත්‍රික් කමිටුව ගොඩනංවන එක කරන්න ඕනේ. හැම කෙනාගෙන ප්‍රශ්නය වෙලා තියෙන්නේ.. මොකක්ද කරන්න ඕනේ කියන එක දන්නේ නෑ."
"ගොවියෝ කියන්නෙත් අපිට පොහොර දෙන්න කියලා. හැබැයි ඒක දැනුවත් කරන්න කොහොමද කරන්නේ කියලා." "මේක යූරියා වගේ නෙමෙයි නේ. ඒ නිසා ගොවීන්ව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ පොහොර හදන කෙනාගේ විශාල දායකත්වයක් තියෙන්න ඕනේ ගොවියන් දැනුවත් කිරීම සඳහා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |