ජනපති විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලපු ප්‍රධාන දේ මෙන්න..සියලු විස්තර මෙතනින් දැනගන්න..
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අදාළව තමාගේ යෝජනා ඉදිරිපත් කරන බවත් එය ඉදිරියට ගෙන යාමට එකඟ වන්නේද යන්න සභාව තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති වික්‍රමසිංහ කියා සිටියේ, තම පක්ෂයට සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණක් බවත් එම නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමාගේ යෝජනා ඉදිරියට ගෙන යාමට අනෙකුත් පක්ෂ ඊට සහය විය යුතු බවයි.
ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
එය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් සහ විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පුද්ගලික වාද විවාදවලින් වළකින ලෙසත් ඒ වෙනුවට ජාතියේ අනාගතය ගැන සිතීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ජනාධිපති වික්‍රමසිංහ මහතා සියලුම සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
රටේ දිගුකාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන තීරණ සහයෝගීව ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අවංක එකමුතුවක් අවශ්‍ය බව රාජ්‍ය නායකයා ඉල්ලා සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මේ රටේ උත්තරීතර නීතිය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය නොසලකා සිටීමට හැකියාවක් නොමැති අතර එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බව පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළේය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සහ බලය බෙදීම පිළිබඳ සිය යෝජනා සහ ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනාධිපතිවරයා එම යෝජනා ගැඹුරින් විමසා බලන ලෙසත්, ඒ වෙනුවෙන් සිය යෝජනා ඉදිරිපත් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර එම සියලු අදහස් සැලකිල්ලට ගෙන පළාත් සභාවල කාර්යභාරය සහ ඒවායේ අනාගතය පිළිබඳව අවසන් තීරණයකට එළැඹීමේ වගකීම පාර්ලිමේන්තුවට හිමිවන බවද කියා සිටියේය.
සියලු දෙනාටම එකඟවිය හැකි විසඳුමකට එළැඹීමෙන් ජාතික අනන්‍යතාව ආරක්ෂා කරගෙන එකම ජාතියක් ලෙස නැඟී සිටීමටත්, රටේ බලය මහජනතාව වෙත සමීපවන ආකාරයට විමධ්‍යගත කිරීමටත් අවස්ථාව සැලසෙන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් සභා ස්ථාපනය කර ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වලට පමණක් නොව පළාත් නවයටම අදාළ වන අයුරින් බවද කියා සිටියේය.
පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය කර හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව එකඟවන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට සූදානම් බවත්, දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා සඳහා තරග කිරීමේ අයිතිය ලබාදීම, කාන්තා නියෝජනය 25%ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම යන යෝජිත කරුණු පිළිබඳ සාකච්ඡා කර එකඟතාවක් ලබාගෙන පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාතික ඉඩම් කොමිසම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත්, ඉඩම් කොමිසන් සභා නීති කෙටුම්පත දැනටමත් සකස් කර ඇති අතර එය රජයේ ඉඩම් භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීමට යොදා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාතික ඉඩම් කොමිෂන් සභාවේ කටයුතු සඳහා මගපෙන්වීමට ඉඩම් කොමිෂන් සභා ප්‍රතිපත්ති පනතක් සැප්තැම්බර් මාසය වන විට ගෙන ඒමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) අතුරුදන් වූවන් සොයා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, මාස තුනක් ඇතුළත එම කටයුතු නිම කිරීමේ අරමුණින් දත්ත ඇතුළත් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අතුරුදන් වූවන් වෙනුවෙන් සහතිකයක් (COA) නිකුත් කිරීම ද වේගවත් කිරීමට කටයුතු කරන බව පැවසීය.
වැඩි විස්තර පාර්ලිමේන්තුව අමතා සිදුකළ පහත කතාවෙන් දැනගන්න.