වාහන සම්බන්ධයෙන් අලුත්ම වාර්තාවක් එළියට එයි..
ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන බව වාර්තා වේ වාර්තාව 2022 අවසානය දක්වා කාලය ආවරණය කර තිබේ.
අදාළ වාහන තිබෙන ස්ථානය සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඒවායේ වටිනාකම සොයා ගැනීමට ද නොහැකි වී ඇති බව එම වාර්තා වලින් තහවුරු කර ඇත්තේ.
මේ අතර,ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේ, ජනාධිපති කාර්යාලය සතු වාහන 53ක් විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව වෙනත් රාජ්‍ය ආයතන, විහාරස්ථාන, ආගමික නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මුදා හැර ඇති බවයි.
එම වාර්තාවට අනුව 2022 වසරේ වාහන 27ක් සඳහා පමණක් නඩත්තු වියදම් ලෙස ජනාධිපති කාර්යාලය රුපියල් මිලියන 13ක් වැය කර තිබේ.
මෙම වියදම් ප්‍රතිපූරණය කර හෝ සකස් කර නොමැති බවයි විගණන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් අවස්ථා කිහිපයකදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරුණු විමසා ඇතත් ඒවාට විධිමත් පිළිතුරක් ලැබී නොමැති බවද අනාවරණය කරගෙන තිබේ.