වට්ස්ඇප් සහ විද්‍යුත් ලිපින මගින් සියලු තොරතුරු හුවමාරු කරන අලුත්ම ක්‍රමයක්..
තොරතුරු පනත යටතේ ජනාධිපති කාර්යාලයෙන් තොරතුරු ගැනීමේදී ලිපි මඟින් තොරතුරු යැවීමේදී ඇති වන ප්‍රමාදය වළක්වා ගැනීමේ අරමුණින් අදාළ තොරතුරු වට්ස්ඇප් සහ විද්‍යුත් ලිපින මඟින් දීමට පියවර ගෙන තිබෙනවා.
සියලු රාජ්‍ය ආයතනවලින් ඉල්ලුම් කරන ලද තොරතුරු දීමේදී ඇති විය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමට අදාළ තොරතුරු වට්ස්ඇප් සහ විද්‍යුත් ලිපින මඟින් දීම සඳහා තොරතුරු ගැනීමට අදාළ ඉල්ලුම් පත්‍ර යොමු කිරීමේදී ලිපිනය සමඟ දුරකතන අංකය, වට්ස්ඇප් අංකය සහ විද්යුත් ලිපිනය දෙන ලෙස ජනතාවට දැනුම් දීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා හා අමාත්‍යාංශ ලේකම්වරුන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී තීරණය විය.
මහජනතාවගේ පහසුව වෙනුවෙන් සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම ප්‍රමුඛ වගකීම හෙයින් කිසිදු පුද්ගලයකු අපහසුතාවට පත් නොකොට කාර්යක්ෂම සේවාවක් සපයමින් ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙළක් සියලු අමාත්‍යාංශවල හා රාජ්‍ය ආයතනවල ඇති කිරීම අනිවාර්ය බව මෙහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කර සිටියේය.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා සිටීමේදීද මේ පියවර අනුගමනය කිරීමට ජනාධිපති කාර්යාලය පියවර ගෙන තිබේ.
ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරි ලෙස 2019 වසරේ සිට කටයුතු කරන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) සිසිර හේනාධීර මහතාය.
ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා නම් කළ නිලධාරි ලෙස කටයුතු කරයි.
පහත සබැඳින් ඔස්සේ එම නිලධාරීන් සම්බන්ධ කර ගත හැකිය.
සිසිර හේනාධීර මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති)
ජංගම දු. අ – 0718132590
කාර්යාල දු.අ – 0112354329 / 0112354354
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ජනාධිපති අතිරේක ලේකම්
ජංගම දු. අ – 0719994133 / 0711992354
කාර්යාල දු.අ – 0112354329 / 0112354354
විද්‍යුත් ලිපිනය – addlsec.fsd@presidentsoffice.lk
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |