ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය සැප්තැම්බර් 5 සිට
Volleyball Sport
Latest Headlines
Sinhala news
Puwath.lk
Special Announcement
By R.rishma
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් 5 සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම තරගාවලිය සඳහා අයදුම්පත් යොමු කිරීම අගෝස්තු 15 වනදායින් අවසන් වන බව එම සම්මේලනය සඳහන් කරයි.
ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වන තරගාවලියේ දිස්ත්‍රික් තරග ජයගන්නා කණ්ඩායම් 25 බැගින් ජාතික තලයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතව ඇත.
ඉකුත් වසරේ පැවති ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජය හිමිකර ගනු ලැබූ අතර එහි කාන්තා ශූරතාව මහඋස්සෑව රතනපාල ක්‍රීඩා සමාජය හිමිකර ගැනීමට සමත් විය.