විගණකාධිපති ධූරය ජනපතිගේ හිතවතෙකුට - ගම්මන්පිල චෝදනා
විගණකාධිපති තනතුර අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩුයි. වැඩ බලන ධර්මපාල ගම්මන්පිල මහතාට සුදුසුකම් තිබියදී, ජනපතිගේ හිතවතෙකු එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බව හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඔහු සඳහන් කළේ, විගණන නිලධාරීන්ගේ සංගමය ධර්මපාල ගම්මන්පිල මහතා පත් කරන ලෙස ඉල්ලා ඇතත්, ජනපති තම කැළණි මිතුරෙකු පත් කිරීමට උත්සාහ කළ බවයි.
ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ නමුත්, ජනවාරි 3දා එම නියෝජිතයින්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ජනපතිගේ මිතුරා පත් කිරීමට උත්සාහයක් ඇති බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.
එසේම, නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එන්.ඩී.එන්. ප්‍රේමරත්න මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස පත් කිරීම ගැනද ඔහු විවේචනය කළේය.
මෙම පත්වීම් ඥාති සංග්‍රහය හා මිත්‍ර සංග්‍රහය මත පදනම් වන බවත්, රටේ ප්‍රධාන තනතුරු දේශපාලනිකරණය කිරීම රටට හානිකර බවත් ගම්මන්පිල මහතා අවධාරණය කළේය. “මේ ආණ්ඩුව දූෂණයෙන් තොර නම්, සුදුස්සෙකු පත් කිරීමට බිය වන්නේ ඇයි? ජනතාවට පොරොන්දු වූ පුනරුදය මෙයද?” යනුවෙන් ඔහු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.