ජනාධිපතිවරයා නව කැබිනට් අමාත්‍යවරුන්ගෙන් කල ඉල්ලීම මෙන්න..(VIDEO)
අමාත්‍යවරයෙකු වශයෙන් කිසිදු අමතර වරප්‍රසාදයක් භාවිත නොකරන්නැයි ජනාධිපතිවරයා නව කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
අද (18) උදෑසන කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍ය ධූරවල දිවුරුම් දුන් අතර එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව පැ වසීය. අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැපවෙන ලෙස සියලු අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය.
"ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙමෙයි.
එය විශාල වගකීමක්.
මම තමුන්නාන්සේලා ගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසා දයක් ඇමතිවරයෙක් ලෙස පාවිච්චි කරන්න එපා .
මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ , අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැපවෙන්න කියලා .
ඒ වගේම ඔබ යටතේ ඇති ආයතන ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත්කරන්න.
අද රාජ්‍ය ආයතන බොහෝමයක් පවතින්නේ බරපතළ මුල්‍ය අර්බුද තත්ත්වයක.
ඒවා නිවැරදි කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය යි.
අද පවතින මේ අර්බුදය ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කරන්න හොඳ අවස්ථාවක්.
තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා .
ඒ එක්කම මම ඉල්ලා සිටිනවා තරුණයින්ගෙන් ඒකට උපකාර කරන්න කියල"
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |