ජනපති විදේශ ගත වෙයි..
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව හෙවත් “කොප් ටුවෙන්ටි සෙවන්” සමුළුවට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගියහ.
ඒ අළුයම 2.50ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 653 දරණ ගුවන් යානයෙන් ය.
දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ පාර්ශවයන්ගේ 27 වන සමුළුව ඊජිප්තුවේ ෂාම් එල් ෂෙයික් හි ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී හෙට (07) සිට ලබන 18 වැනිදා දක්වා පැවැත්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |