779ක් ගැන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා.
ඒ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ය.
මේ අතර, ඡන්ද විමසීම සඳහා වන ඇප තැන්පත් මුදල් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනා අදාළ යෝජනාවට අනුවයි.
ඒ, අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතු මුදල රුපියල් මිලියන 2.6ක් ඉහළ දමා ඇති බව සඳහන් වේ.
එමෙන්ම ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වා වැඩිකර ඇති අතර මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහාවන ඇප තැන්පතු මුදල රුපියල් 11,000ක් ලෙස වැඩිකර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,