සහනාධාර අවශ්‍ය අයට ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ දැනුම් දීමක්..
සහනාධාර අහිමි වූ පුද්ගලයින්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, ජුලි මස පළමු වන දින සිට නව සහනධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා,
"සමෘද්ධිය දීර්ඝ කාලයක් පුරා තියෙන්නේ දුප්පත් ජනතාවගේ දුප්පත්කම නැති කරන්න.
නමුත් ඒක සිද්ධවුණා ද? ඒක සිද්ධ වුණේ නෑ. ඒකෙන් දුප්පත් ජනතාවට ජීවත්වෙන්නත් බෑ. ඒකෙන් ගොඩඑන්නෙත් නෑ. ඒක ආයෙත් සකස් කරනවා. ඒක ලැබෙන අය හරියාකාරව හඳුනාගන්න.
පහුගිය කාලයේ සංගණනයක් කළා. ඒ සංගණනයෙන් 100%ක් මේක සකස් වෙන්නේ නෑ. නමුත් අවස්ථාව තියෙනවා මට සමෘද්ධිය ලැබිය යුතුයි කියලා හිතන කෙනෙක් ට ඕනම වෙලාවක ඒ වෙනුවෙන් ඉල්ලුම් පත්‍රයක් දාන්න.
අසාධාරණයක් වුණා කියලා හිතනවා නම් ඒක නිවැරදි කරගන්න අවස්ථාව. සමෘද්ධිලාභීන්ට හොඳ මුදලක් ලබාදෙන්න. ඒ මුදල කෙලින්ම තමන්ගේ බැංකු ගිණුමට එන්න සකස් කරනවා. ජූලි 1 සිට ඒ කටයුතු සිද්ධවෙනවා.
ඒ වගේම සමෘද්ධිලාභීන් හැමදාම දුප්පතුන් ලෙස තියාගන්නේ නැතුව එතැනින් එහාට සවිබල ගැන්වීමට වැඩපිළිවෙලක් අපි සකස් කරනවා."